ක්‍රීඩා අමාත්‍යාංශයට ක්‍රීඩා ඇමතිවරයෙක් පත්කර නොතිබුණත් එය අමාත්‍යාංශයේ ඉදිරිවැඩ කටයුතු සිදුකිරීම සඳහා ගැටලුවක් නොවන බවත් ලේකම්වරයා යටතේ මෙන්ම ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් යටතේ පවතින කටයුතු සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යා හැකි බවත් ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය 'අද' පුවත්පතට ප්‍රකාශ කළාය.
නව රජය විසින් මේ දක්වා ක්‍රීඩා අමාත්‍යාංශයට ඇමතිවරයෙක් පත්කර නොතිබීම පිළිබඳව හා එහි වැඩකටයුතු පවත්වාගෙන යාම පිළිබඳව 'අද' කළ විමසුමකදී රංජනී ජයකොඩි මහත්මිය මෙම අදහස් පළ කළාය.
"බාධාවක් නෑ. අමාත්‍යාංශයේ කටයුතු දැනට කරගෙන යනවා. ඇමතිවරයෙක් පත්කර නැතිනම් අමාත්‍යාංශයේ වගකීම ජනපතිවරයාට තියෙන්නේ. ලේකම්තුමා යටතේ හා මගේ යටතේ කාර්යය කරගෙන යාමට බාධාවක් නෑ. ඒවා කරගෙන යන්න පුළුවන්. " යැයි ඇය ප්‍රකාශ කළාය.
එසේම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය කරුණු සඳහා අවැසි අවසරය ලබාදීමට බලය ඇත්තේ ජනපතිට බවත් එවැනි කරුණු ජනපතිවරයාට යොමුකරමින් අවසර ලබාගැනීමට කටයුතු කරන බවත් ඇය සඳහන් කළාය.
"සමහර සුවිශේෂි දේවල් සඳහා පමණයි අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගන්න ඕන. එම කරුණු සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට ඒවා ජනපතිතුමාට යවන්න වෙනවා." යනුවෙන්ද ඇය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ඊයේ (15දා) සවස් වනතුරුත් ක්‍රීඩා අමාත්‍යාංශ සඳහා නව ඇමතිවරයෙක් පත්කරනවාද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් වාර්තා නොවුණි.