අතුරු පාලක කමිටුව ගැන තීරණය සඳුදා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සම්බන්ධයෙන් අතුරු පාලක කමිටුවක් පත්කිරීම පිළිබඳව අවසන් තීරණය එළැඹෙන සඳුදා දිනයේදී ගන්නා බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා 'අද' පුවත්පතට ප්‍රකාශ කළේය.
එසේම අතුරු කමිටුවක් පත්කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවද ඔහු පැවැසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය අතුරු කමිටුවක් යටතට පත්කිරීමට වන සූදානම පිළිබඳව වාර්තා වන තොරුතුරු සම්බන්ධයෙන් 'අද' පුවත්පත ඊයේ (25දා) කළ විමසීමකදී හෙතෙම මේ බව පැවැසීය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා කමිටුව එළඹෙන සෙනසුරාදා දිනයේදී රැස්වෙන බවත්, එහිදී මෙම කරුණ සාකච්ඡා කරන බවත් ඔහු පැවසීය. එම සාකච්ඡාවේ තීරණය අනුව අතුරු කමිටුවක් පත්කිරීම පිළිබඳව අවසන් තීරණය ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ විවිධ පාර්ශ්වයන්ගේ මතය වී තිබේ.එළැඹෙන ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරයේ රූපවාහිනී විකාශන අයිතිය විකිණීම හා බැඳුණු ගනුදෙනුවෙන් වාසි ලබාගැනීමේ අටියෙන් මෙම අතුරු කමිටුව පත්කිරීමට සූදානම් බව ක්‍රිකට් ආයතනයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේය.
අතුරු කමිටුවක් පත්කිරීම සඳහා නිශ්චිත හේතුවක් පැවැතිය යුතු අතර, පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලද ගැටලුවක් නොතිබුණි. ඒ අනුවද අතුරු කමිටුවක් පත්කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ක්‍රිකට් ආයතනයට සම්බන්ධ පාර්ශ්වයන්ගේ මතය වී තිබේ.අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයද අතුරුකමිටුවක් පත්කිරීමට අවසරය ලබාදෙන්නේ කෙටි කාලසීමාවකට පමණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

