ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්කළ අතුරු කමිටුවේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි මහතා පත්කොට තිබේ. එහි ලේකම් ලෙස ප්‍රකාශ් ශාෆ්ටර් මහතාත්, ලෙස්ලි විජේවර්ධන මහතා භාණ්ඩාගාරික ලෙසත් නම්කර තිබේ. උප සභාපතිවරුන් ලෙස කුෂිල් ගුණසේකර, කපිල විජේගුණවර්ධන යන මහත්වරුන් පත්කොට තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු භාණ්ඩාගාරික නුෂ්කි මොහොමඩ්, ජයනන්ද වර්ණවීර, නීතිඥ ප්‍රසන්න ජයවර්ධන හා ඩී. හුලංගමුව යන මහත්වරුන් කමිටු සාමාජිකයන් ලෙස නම්කොට ඇත. මෙම කමිටුවේ කාලසීමාව අනිද්දි (01දා) සිට බලපැවැත්වෙයි. ඒ සඳහා වන ගැසට් නිවේදනය පසුගිය 27දා ප්‍රකාශයට පත්කොට තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අප්‍රේල් මස 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඒ සඳහා නාමයෝජනා කැඳවීම ඊයේ (30දා) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබිණි.