saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 3714 hours ago

LATEST

දකුණු අප්‍රිකාවට ලකුණු 102ක ජයක්

calendar_today 2023 ඔක් 07 - 22:30 remove_red_eye - 473  

ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව හා ශ්‍රි ලංකාව අතර පැවැති තරගයෙන් ලකුණු 102ක ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

Read More

චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 පිරිමි සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (4) පස්වරුවේ සමත් වූහ.

Read More

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 8ක පරාජයක් ලබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උලෙලෙන් ඉවතට විසිවිය.

Read More

මෙවර රග්බි ලෝක කුසලානයට ක්‍රීඩා කරන ෆිජී කණ්ඩායමේ සෙන්ටර් ක්‍රීඩක ජොශූවා ටුයිසෝවා අභාග්‍යසම්පන්න අත්දැකීමකට මුහුණපා ඇත. ඒ ඔහුගේ හත්හැවිරිදි පුත්‍රයා පසුගිය සතියේදී සිය ජීවිතයෙන් සමුගැනීමයි. ඔහුගේ අවමගුල් උත්සවය මෙම සතියේදී පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් එම අවමගුලට සහභාගි නොවී දිගටම සිය කණ්ඩායම සමගින් තරගාවලියේ රැඳීසිටීමට ජොශූවා තීරණය කර තිබීම කැපී පෙණින.

Read More

මෙම කාළය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව පැවසීය. එමෙන්ම තමන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිරීම සඳහා අවශ්‍ය පුහුණු වීම් වල නිරත වීමට කටයුතු කරන බව ද ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් පැවසීය.

Read More

Marylebone ක්‍රිකට් සමාජයේ (MCC) ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පත් කර තිබේ.

Read More

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාවීමේ භාග්‍ය ලැබූ දම්සෝ ආදි සිසු දිනේෂ් චන්දිමාල් මහතාගේ ධන පරිතාගයෙන් විදුහල් මාතාවට කෘත ගුණ සැලකීම වස් ධර්මාශෝක විදුහල් බිමෙහි ඉදිවූ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය අද (1දා) පෙරවරුවේදී විවෘත කෙරිණ.

Read More

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා ඡන්දයෙන් තේරී පත් වී තිබේ. අද පැවැත්වුණ නිලවරණයේදී ඔහු ඡන්ද 45ක් ලබාගැනීමට සමත්විය. ජස්වීර් මහතා මීට පෙරද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කර තිබේ.

Read More

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කාර්මික රැකියා, කුලීරථ රියදුරු රැකියා සිදු කරමින් ඉතා දුෂ්කර අන්දමින් තම ජීවිකාව ගෙන යන ආකාරය පෙන්වා දුන් අමාත්‍යවරයා එසේ වන්නේ ජාත්‍යන්තරයෙන් ලබා දෙන මුදල් හා එහි ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදී නොයන බවත් ක්‍රීඩකයින් නොව නිළධාරීන් එය බුක්ති විදින සිටින බව අවධාරණය කරන ලදි.

Read More

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණය නියෝග කළේය.

Read More

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාවීමේ භාග්‍ය ලැබූ දම්සෝ ආදි සිසු දිනේෂ් චන්දිමාල් මහතාගේ ධන පරිතාගයෙන් ධර්මාශෝක විදුහල් බිමෙහි ඉදිවූ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය ඔක්තෝම්බර් මස පළමු වැනිදා පෙරවරු 9 යට ධර්මාශෝක විදුහල් ක්‍රිකට් ක්‍රීඩක අයිතියට පත් කෙරේ. දම්සෝ ආදි සිසු දිනේෂ් චන්දිමාල් මහතා මේ සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ දෙසීයකි.

Read More

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ. ඒ ආසියානු කුසලාන තරගාවලියේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

Read More

34 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් ජාතික තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට, අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කල මැදවච්චිය උදාර ශ්‍රීනාත් පුශ්පදෙනිය සහ හර්ශ සදුන් බණ්ඩාර යන ක්‍රීඩකයන් දෙදෙනාට හැකි විය.

Read More
සචිත්‍රට ඇප
25 09 2023 14:35:00
0 425

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද 25 නියෝග කළේය.

Read More

ඉදිරියේදී නේපාලයේ කත්මන්දුහිදී ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය , ඇෆ්ගනිස්ථානය හා නේපාලය යන රටවල්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන ආරාධිත රෝද පුටු ආසියානු ක්‍රිකට් තරගාවලියට එක්වීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මේ දීනවල ඒ සදහා පුහුණුවීම් කටයුතු දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගනයේදී සිදු කරමින් සිටිති.

Read More

ඔස්ට්‍රේලියාවේදී තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන සැප්තැම්බර් 28 වැනිදා ප්‍රකාශයට පත් කරන බව සිඩ්නිහි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණය අද (21දා) ප්‍රකාශ කළේය.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් ඊයේ (20) දින කිලෝමිටර් 54 ක දුරක් පැය 8 විනාඩි 30 අඛණ්ඩව පාගමනේ නිරත වෙමින් චෝලන් වාර්තාවක් පිහිට විමට සමත් වි ඇත.

Read More

අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙකටුනුවැව ගම්මානයේ ගෙවත්තක් වටා ඇද තිබූ තිබූ අනවසර විදුලි රැහැනක ගැටී අද (20දා) අළුයම දළ ඇතෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදී හමුවූ බව වන ජීවී අංශ පවසයි.

Read More

එක්දින ලෝක කුසලානය පවතින අවස්ථාවක කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම හොඳ තීරණයක් නොවෙනු ඇති බවත් දසුන් ශානක තවදුරටත් නායකයා ලෙස කටයුතු කළ යුතුව ඇති බවත් හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි. සිය ෆේස්බුක් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි.

Read More

ඉන්දියාවේදී ආරම්භවිමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වත්මන් නායක දසුන් ශානක වෙතම පැවැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

Read More

දකුණු කොරියාවේ පැවති 45 වන ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී රන් සහ රිදී පදක්කම් දිනා ගත් රේණු චන්ද්‍රිකා ද සිල්වා මහත්මිය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

Read More

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 50ක් පමණයි.

Read More

යුධ හමුදා සංඥා බළකායේ මාණ්ඩලික සැරයන් ඉන්දික කීර්තිරත්න මහතා පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමිටර් 580.16 දුරක් දින 10 යි පැය 12 විනාඩි 02 ක් තුළ පා ගමනින් පැමිණ පෙරේදා (16) නව ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සමත් විය.

Read More

ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය එංගලන්ත තරග සංචාරය නිමා කර ඊයේ (16දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවති දකුණු ආසියානු කණිෂ්ඨ බැට්මින්ටන් තරඟාවලියේදී රන් පදක්කම් හතරක් දිනූ ශ්‍රී ලංකා ජාතික බැට්මින්ටන් ශූරිය වන බද්දේගම ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලයේ රනිත්මා තිනිදු ලියනගේ සිසුවිය පිළිගැනීමේ හා උපහාර පිදීමේ උත්සවයක් පසුගිය 14 දා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වුණි .

Read More

තරගයට වර්ෂාවෙන් බධා ඇතිවූ අතර පාකිස්තානය නියමිත පන්දුවාර 42දී කඩුලු 7ට ලකුණු 252ක් රැස්කළේය. ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42කදී ලකුණු 252ක ඉලක්කයක් හිමිවිය.

Read More

ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දී කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

Read More

ආසියානු කුසලාන එක්දින තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ඉන්දීය කණ්ඩායම අසරණ කරමින් සිය එක්දින පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට දුනිත් වෙල්ලාලගේ සමත්විය.

Read More

පාකිස්තානයට එරෙහිව එක්දින තරග ඉතිහාසයේ සිය දැවැන්තම ජයග්‍රහණය වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත්වූයේය. ඒ ආසියානු කුසලාන තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයෙන් ලකුණු 228ක ජයක් වාර්තා කරමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.