saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Sports - timelapse 8727 hours ago

LATEST

පාසල් ක්‍රීඩාව සංවර්ධනය කරන්න පූර්ණ දායකත්වය ලබාදෙනවා - නාමල්

calendar_today 2020 අගෝ 16 - 11:00 remove_red_eye - 511  

තමන් ක්‍රීඩා අමාත්‍යවරයා විදියට පූර්ණ කාලය කැප කරන්නෙ පාසල් ක්‍රීඩාව සංවර්ධනය කරන්න බවත් විශේෂයෙන්ම ක්‍රීඩකයො හැදෙන්නෙ බිම් මට්ටමින් බවත් ඒ සදහා අඩු වයසින් අපි ක්‍රීඩකයන් හඳුනාගත යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු පිලිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දියාවෙන් බිහිවූ තවත් විශිෂ්ඨ පිතිකරුවෙක් වන සුරේෂ් රයිනාද ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින ලෝක කුසලානය, විස්සයි 20 ලෝක කුසලානය හා ශූරයන්ගේ කුසලානය දිනාගත් ලෝකයේ එකම නායකයා වන වන දෝනි ටෙස්ට් ක්‍රිකට් පිටියේද ඉන්දියාව ශ්‍රේණිගත කිරීම්හි ඉහළ ස්ථානයට ගෙන ආවේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විනිසුරුවරුන් වෙනුවෙන් කොන්ත්‍රාත්තුවක් ලබා දුන් පළමු අවස්ථාව ලෙසින් සනිටුහන්වනු ලබන මෙම කොන්ත්‍රාත් ලබාදීම කාණ්ඩ 3 ක් යටතේ සිදුකර තිබේ.

Read More

යුරෝපීය ක්‍රීඩා සමාජයන් අතර පැවැත්වෙන ප්‍රධානම හා දැවැන්තම පාපන්දු ලීගය වන ’’චැම්පියන්ස් ලීග්’’ පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (12දා) ආරම්භ වේ.

Read More

අන්තර් සමාජ පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේ (තෙදින) සුපිරි අටදෙනාගේ වටයේ පැවති තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (11දා) දිනයේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම කැපී පෙනුණු අතර, ඔහු සැරසන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 262කට මුහුණදෙමින් නොදැවී ලකුණු 173ක් රැස්කිරීමට සමත් විය. පෙරේදා දිනට තරගය නතර කරන විට ඔහු ලකුණු 80ක් රැස් කරගෙන සිටියේය.

Read More
LPL කල් යයි
11 08 2020 16:11:00
0 489

නිරෝධායන ක්‍රියාමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයින් මෙරටට ගෙන්වා ගැනීම දුෂ්කර බැවින් අගෝස්තු 28 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කල් දමා තිබෙන බව වාර්තා වෙයි.

Read More

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පාකිස්තානය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ඉතිරි තරග ද්විත්වයට සහභාගි නොවන බව වාර්තා වේ.

Read More

කෝවිඩ්-19 වෛරසය හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් අතරමඟ නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ සහ පලඟ ශූරතා වටයේ තරග ඊයේ (10දා) ආරම්භ වූ අතර, එහි ශූරතාව වෙනුවෙන් සුපිරි අට වටයේ තරග 04ක් ඊයේ පැවිත්විණි.

Read More

කොවිඞ් 19 වෛරසය හේතුවෙන් අතර මඟ නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යළිත් අද (10 දා) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

Read More

ක්‍රිස් වොක්ස්ගේ තුන් ඉරියව් දක්ෂුතා හා ජොස් බට්ලර්ගේ උත්සාහවන්ත පිතිහරඹය හේතුවෙන් සංචාරක පාකිස්තාන කණ්ඩායම පරාජය කර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 03ක ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

Read More

එංගලන්ත-පාකිස්තාන ටෙස්ට් තරගාවලියේදී ඉදිරිපස පාදයේ නිපන්දු පරීක්ෂාව රූපවාහිනී විනිසුරුගේ (තෙවැනි විනිසුරු) මාර්ගයෙන් සිදුකිරීමට තීරණය කර තිබේ

Read More

පෝල් ස්ටර්ලිංගේ හා ඇන්ඩි බල්බ්‍රින්ගේ විශිෂ්ට ඉනිම් හේතුවෙන් ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 07ක වාර්තාගත ජයක් ලැබීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

Read More

එළඹෙන ඔක්තෝබර් මසදී පැවැත්වීමට නියමිතව තිබූ බ.ඉ. කොදෙව් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරය කල් දැමීමට තීරණය කර ඇත.

Read More

ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් (පී.එස්.ජී.) පාපන්දු කණ්ඩායමේ ප්‍රබලයෙකු වන නේමාර් නැවතත් ඔහු ක්‍රීඩා කළ ස්පාඤ්ඤ බාසිලෝනා කණ්ඩායම හා එක්වනු ඇති බවට වාර්තා පළ වූවත්, ’කෝවිඩ්-19’ අර්බුදයත් සමග ඇති වූ ආර්ථික කඩාවැටීම හේතුවෙන් එය තවදුරටත් ප්‍රමාද වනු ඇති බව වාර්තා වේ.

Read More

ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් සැලකෙන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය මෝටර් රථ එකතුව සඳහා තවත් මිල අධික සාමාජිකයෙකු එක් කරගෙන ඇත. ප්රං‍ශ බුගාටි සමාගමේ නිෂ්පාදනයක් වන බුගාටි La voiture Noire රථය මෙලෙස රොනාල්ඩෝගේ රථය බවට පත්වී ඇති අතර, එය සැලකෙන්නේ ලොව මිල අධිකම මෝටර් රථ අතුරින් එකක් ලෙසිනි.

Read More

කෝවිඩ්-19 වෛරසය තවමත් පාලනය නොවූ පසුබිමක එළඹෙන සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්රිරකට් තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සකස් කරන ලද සෞඛ්‍යය සම්මත මෙහෙයුම් නීති මාලාව ප්‍රකාශයට පත් කර ඇත.

Read More

නිමා වූ කොදෙව් - එංගලන්ත ටෙසට් තරගාවලියෙන් පසුව මෙම ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

කේ. මතිවානන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය සඳහා ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට විධායක කමිටුව තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

කේ. මතිවානන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

ඉන්දියාවේ පැරණිම (1864) ක්‍රීඩාංගණය මෙන්ම එරට පළමු ක්‍රිකට් ක්‍රීඩාංගණය වන බටහිර බෙංගාලයට අයත් කෝල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගෘහස්ථ කොටස නිරෝධායන මධ්යටස්ථානයක් සඳහා ලබා දී ඇත.

Read More

කෝවිඩ්19 වෛරසයේ බලපෑම හේතුවෙන් අතරමග නවතා දැමූ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 10 වැනිදා සෞඛ්‍ය උපදෙස් අනුව ආරම්භ කිරීමට ඊයේ (28දා) පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී තීරණය වූ බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අගෝස්තු මස 28 සිට 2020 සැප්තැම්බර් 20 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය ලැබී ඇත.

Read More

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 19 එක්සත් ආරාබි එමිර් රාජයේදී ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා කාන්තා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව ශ්‍රීපාලි විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

Read More

මෙම වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ IPL 2020 තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර තිබේ .

Read More

ශ්‍රී ලංකා මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම්හි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා ඔස්ට්‍රේලියා ‘නිව් සවුත් වේල්ස්’ ක්‍රිකට් සමාජයේ නව පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර තිබේ.

Read More

ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 ලොක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දමා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳුදා නිවේදනය කළේය.

Read More

මේ වසරේදී ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට තිබුණ එහෙත් කොවිට් COVID-19 වසංගතය හේතුවෙන් ලබන වසර දක්වා කල් තැබුණ ඔලිම්පික් තරගාවලිය 2021 වසරේදී සැලසුම් කළ ක්‍රීඩාංගණවලදීම සැලසුම්කළ දිනවකවානුවල පවත්වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කරයි.

Read More

සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම සමඟ අද (16දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් ඉවත් කිරීමට එංගලන්තය තීරණය කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.