1982 වසරේ පෙබරවාරි මාසයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නේ එංගලන්තයට එරෙහිවය. එතැන් පටන් සිය පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට වසර තුනක් බලාසිටීමට සිදුවෙන අතර 1985 වසරේ සැප්තැම්බර් මස 11දා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමක් සිය පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරග ජය ඉන්දිය කණ්ඩායමට එරෙහිව වාර්තා කිරිමට සමත්වෙයි. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරග ජය වාර්තා කර අදට අවුරුදු 31ක් සපිරෙයි.
එම තරගයද ඇතුළුව ශ්‍රී ලංකා කණ්ඩායම ඒ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ තරග 14ට ක්‍රීඩා කර තිබුණ අතර එයින් තරග 13කම ලියැවී තිබුණේ පරාජ හා ජය පරායෙන් තොරව නිමාවූ අවස්ථාවය.
1985 වසරේ ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ කළ තරග සංචාරයේදී සිය පළමු ටෙස්ට් තරග ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වන අතර ඒ වන විට කණ්ඩායමේ නායකත්වය දරන්නේ දුලිප් මෙන්ඩිස්ය. ඒ අනුව ශ්‍රි ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරග ජය ලබාදුන් නායකයා ලෙස දුලිප් මෙන්ඩිස් වාර්තා අතරට එක්විය.
ඉන්දියාව හා පැවැති ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර එම තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්රීඩකන් අතර දුලිප් මෙන්ඩිස් (නායක), සිදත් වෙත්තමුණි, රෝයි ඩයස්, රංජන් මඩුගල්ලේ, අර්ජුණ රණතුංග, අරවින්ද ද සිල්වා, අසන්තාද මෙල්, රුමේෂ් රත්නායක විය. මේ සියලු දෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරගය ජයගත් කණ්ඩායමේ සාමාජිකයෝද වූහ.
එසේම ඉන් වසර 14ට පසුව ශ්‍රි ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමු ටෙස්ට් තරග ජයග්‍රහණ වාර්තා කිරිමට සමත්වෙන්නේද සැප්තැම්බර් 11දාය. ඒ අස්ගිරිය ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව කඩුලු හයක ජයක් ලබමිනි.
1999 වසරේදී මෙම තරගය පැවැතියේය. මෙම තරගයට අර්ජුණ මෙන්ම අරවිදත් ක්‍රීඩා කළ අතර ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් පළමු ටෙස්ට් ජයග්‍රහණයේ කණ්ඩායම නියෝජනය කළ ක්රීඩකයෝද වූහ.
පළමු ටෙස්ට් ජයග්‍රහණයේ ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ ජයග්‍රහණය