ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කෙරුණු 42 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවය විචිත්‍රවත් සංස්කෘතික අංග රැසකින් අලංකාරව යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී ඊයේ (29දා)පැවැත්විණි. ජාතික මහා ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ යාපනයේ පැවැත්වෙන පළමු ක්‍රීඩා උලෙළ මෙය වේ.
සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස කථානායක කරු ජයසූරිය, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් යන මහත්වරුන්ඇතුළු පළාත් ක්‍රීඩා අමාත්‍යවරුන් සහ ක්‍රීඩා නිලධාරීහු රැසක් සහභාගි වූහ.
කෙසේ නමුත් මෙම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සහභාගිවීමට නියමිතව තිබුණද, ඔහු සහභාගි නොවීම සුවිශේෂත්වයක් විය.
ක්‍රීඩා උලෙළේ පහන දැල්වීම උතුරු පළාත් ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකා දෙපළක් වූ එස්. ඇන්තනිපිල්ලේ මහතා හා ජයන්ති සෝමසේකරම් මහත්මිය විසින් සිදුකරනු ලැබූ අතර, ක්‍රීඩක ප්‍රතිඥාව ලබාදීම කේ.ඒ.එම්. මංජුලා කුමාරසිංහ ක්‍රීඩිකාව විසින් සිදුකෙරිණි.
කෙසේ නමුත් ඊයේ (29දා) දිනයේදී දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය තුළ කිසිදු ක්‍රීඩා ඉසව්වක් නොපැවැත්වුණු අතර, ක්‍රීඩා උලෙළ අද සිට එළඹෙන ඉරිදා (02දා) දක්වා තෙදිනක් පුරා පැවැත්වේ. අද දිනයේදී මලල ක්‍රීඩා ඉසව් 12ක අවසන් තරග පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර පෙරේදා (29දා) උදෑසනමෙම ක්‍රීඩා උලෙළට සමගාමීව පොළොන්නරුවේදී වොලිබෝල් අවසන් තරග හා අනුරාධපුරදී දැල්පන්දු අවසන් තරග පැවැති අතර, එහි වොලිබොල් පිරිමි හා කාන්තා ශුරතා ද්විත්වයම බස්නාහිර පළාත විසින් දිනාගනු ලැබිණි.
මීට අමතරව වොලිබෝල් පිරිමි රිදී පදක්කම සබරගමුව පළාතද, ලෝකඩ පදක්කම උතුරු මැද පළාතද දිනාගත්තේය. මීට අමතරව දැල්පන්දු රිදී පදක්කම මධ්‍යම පළාත විසින්ද, තෙවැනි ස්ථානය දකුණු පළාත විසින්ද දිනාගනු ලැබිණි.
ඊයේ දිනය වනවිට පවත්වා අවසන්ව තිබූ තරග අනුව බස්නාහිර පළාත රන් 91ක්, රිදී 44ක් හා ලෝකඩ 36ක් වශයෙන් පදක්කම් දිනා පදක්කම් සටහනේ පෙරමුණෙහි පසු වූ අතර, මධ්‍යම පළාත රන් 24ක්, රිදී 25ක් හා ලෝකඩ 22ක් ලෙස පදක්කම් දිනා දෙවැනි ස්ථානයේද, වයඹ පළාත රන් 15ක්, රිදී 26ක් හා ලෝකඩ 26ක් ලෙස පදක්කම් දිනා තෙවැනි ස්ථානයේද පසුවිය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු