ඇමෙරිකානු පිහිනුම් ක්‍රීඩක මයිකල් පෙල්ප්ස්ට මාස හයක තරග තහනමක් පැනවීමට ඇමෙරිකානු පිහිනුම් සංගමය කටයුතු කොට තිබේ. ඇමෙරිකානු පිහිනුම් සංගමයේ ආචාර්ය ධර්ම සංග්‍රහය කඩ කිරීමේ චෝදනා යටතේ ඔහුට මෙම තරග තහනම පනවා තිබේ.
බීමතින් රිය ධාවනය කිරීමේ චෝදනා යටතේ පොලිස් අත්අඩංගුවට පත්වූ පෙල්ප්ස් මීට ඉහතදී පැවැසුවේ තමා පිළිබඳව වටහා ගැනීම සඳහා පිහිනුම් තටාකයෙන් ටික කලකට ඉවත්වීමට තීරණය කළ බවයි.
තරග තහනම අනුව පෙල්ප්ස්ට එළැඹෙන වසරේ අප්‍රේල් මස 6 දක්වා පිහිනුම් තටාකයට එක්වීමට නොහැකිවේ. ඒ අනුව 2015 වසරේදී එංගලන්තයේදී පැවැත්වෙන ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියද පෙල්ප්ස්ට අහිමිවනු ඇත.