6.00 P.M. දෙවැනි තරගය විසඳුමකින් තොරව අවසන් විය. එ් අනුව දකුණු අප්රිකානුවන් තරග 2කින් යුත් ටෙසට් තරගාවලිය 1-0ක් ලෙස ජයගත්තේය. දිනය නිමා කරන විට දකුණු අප්රිකා කණ්ඩායම පන්දුවාර 111ක් අවසානයේදී ලකුණු 159ක් රැස්කරගෙන තිබුණි. ඒ සඳහා කඩුලු 8ක් වැයවිය. දකුණු අප්රිකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ස්ටේන් දැවී ගියේය.
තාහිර් 4* ෆිලැන්ඩර් 27*
DW Steyn c †Dickwella b Herath 6 (31m 28b 1x4 0x6) SR: 21.42
4.48 P.M. දකුණු අප්රිකා කණ්ඩායමේ හත්වැනි කඩුල්ල ලෙස දුමිනි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට දිල්රුවන් පෙරේරා (පන්දුවාර 93.4) සමත්විය. දකුණු අප්රිකා කණ්ඩායම පන්දුවාර 93.4ක් අවසානයේදී කඩුලු හතට ලකුණු 130ක් රැස්කරගෙන සිටියි. දිනය නිමාවීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ පන්දුවාර 14.2කි.
ෆිලැන්ඩර්13* ස්ටේන් 0*
JP Duminy lbw b Perera 3 (65b 0x4 0x6) SR: 4.61
4.33 P.M. වර්ෂාව අවසන් වීම හේතුවෙන් තරගය නැවතත් ආරමභ විය. දකුණු අප්රිකානුවෝ පන්දුවාර 89ක් අවසානයේදී කඩුලු 6ට ලකුණු 120ක් රැස්කරගෙන සිටියි.
ෆිලැන්ඩර් 9* දුමිනි 1*
4.15 P.M. කොළඹට නැවතත් වර්ෂාව ආරම්භ විය. ඒ අනුව පිටිය අාවරණය කළේය.
3.51 P.M. දකුණු අප්රිකා කණ්ඩායමේ හයවැනි කඩුල්ල ලෙස ඩු ප්ලෙසි පිටියෙන් ඉවත්විය. ඔවන් පන්දුවාර 82ක් අවසානයේදී ලකුනු 114ක් රැස්කරගෙන සිටියි.
දුමිනි 1* ෆිලැන්ඩර් 4*
F du Plessis c Jayawardene b Herath 10 (49b 2x4 0x6) SR: 20.40
3.33 P.M. දකුණු අප්රිකා කණ්ඩායමේ පස්වැනි කඩුල්ල ලෙස නායක හෂීම් අම්ලා (පන්දුවාර 74.1) දැවී ගියේය. දකුණු අප්රිකා කණ්ඩායම පන්දුවාර 77ක් අවසානයේදී ලකුණු 110ක් රැස්කරගෙන සිටියි. දිනය නිමාවීම සඳහා තවත් පන්දුවාර 22ක් යොමුකළ යුතුය.
දුමිනි 1* ඩු ප්ලෙසි 10*
HM Amla c Jayawardene b Perera 25 (159b 4x4 0x6) SR: 15.72
2.55 P.M. දකුණු අප්රිකානු කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල ලෙස ඩිවිලියර්ස් (පන්දුවාර 63.1) පිටියෙන් ඉවත්විය. දකුණු අප්රිකානුවෝ පන්දුවාර 71කදී ලකුණු 104ක් රැස්කරගෙන සිටියි. තරගය තේ පානය සඳහා නැවැත්වීය. තරගය ජයගැනීමට ශ්රී ලංකාවට තවත් කඩුලු 6ක් දවගත යුතුව තිබේ.
අම්ලා 24* ඩුප්ලෙසි 6*
AB de Villiers b Herath 12 (67b 1x4 0x6) SR: 17.91
1.13 P.M. දකුණු අප්රිකානු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස කොක් හේරත්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. දකුණු අප්රිකානුවෝ පන්දුවාර 42ක් අවසානයේදී ලකුණු 69ක් රැස්කරගෙන සිටියි.
අම්ලා 12* ඩිවිලියර්ස් 10*
Q de Kock c Vithanage b Herath 37 (92b 1x4 0x6) SR: 40.21
12.28 A.M. තරගය නැවතත් ආරමභ විය. තේ පානය සඳහා තරගය 2.55 නිමා කරනු ඇත. දකුණු අප්රිකා කණ්ඩායම පන්දුවාර 27ක් අවසානයේදී කඩුලු 2ට ලකුණු 59ක් රැස්කරගෙන සිටියි.
අම්ලා 8* කොක් 28*
11.25 A.M. වර්ෂාව තාවකාලිකව නිමවී ඇත. පිටියේ ආවරණ ඉවත්කරමින් තිබේ.දිවා අහාරය ගැනීමට තීරණය කර තිබෙන අතර නැවතත් 12.25ට තරගය ආරම්භවීමට නියමිතය.
10.45 A.M. කොළඹට නැවතත් වර්ෂාව ආරම්භ විය. තරගය තාවකාලිකව නවත්වා ඇත.
10.18 A.M. දකුණු අප්රිකානු ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස එල්ගා පිටියෙන් ඉවත්කිරීමට දිල්රුවන් පෙරේරා සමත්විය. ඒ අනුව දකුණු අප්රිකානුවෝ මේ වන විට පන්දුවාර 22ක් අවසානයේදී කඩුලු 2ට ලකුණු 50ක් රැස්කරගෙන සිටියි.
කොක් 28* අම්ලා 0*
D Elgar b Perera 13 (65b 1x4 0x6) SR: 20.00
10.15 A.M. වර්ෂාව නිමවී ඇත. ක්රීඩා පිටියේ ආවරණ ඉවත්කරමින් තිබේ. තව ස්වල්ප වේලාවකින් තරගය ආරම්භවීමට නියමිතය.
9.59 A.M. කොළඹ එස්.එස්.සී. පිටිය හා ඒ අවට ප්රදේශයට වර්ෂාව ආරම්භ වීම හේතුවෙන් තරගය තාවකාලිකව නැවැත්වීය.
9.49 A.M. පන්දුවාර 19ක් අවසානයේදී දකුණු අප්රිකානුවෝ එක් කඩුල්ලට ලකුණු 39ක් රැස්කරගෙන සිටිති. ඒ අනුව ජයග්රහණය සඳහා ඔවුන්ට තවත් ලකුණු 330ක් රැස්කළ යුතුය. ඒ සඳහා තවත් පන්දුවාර 96ක් ඉතිරිව තිබේ.
එල්ගා 13* කොක් 21
ඡායාරූප ශාන්ත රත්නායක