2028 වසරේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදි යළිත් ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාව පදක්කම් ක්‍රීඩා ඉසව්වක් ලෙසින් එක්වීමට නියමිතය. 2028 ජුලි මාසයේදී ආරම්භවන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ජුලි 20 දා සිට 29 දා දක්වා පැවැත්වීමට නියමිතය. සියලුම තරඟ ලොස් ඇන්ජලීස් සිට කිලෝමීටර 50 ක් පමණ දුරින් පිහිටි පොමෝනා නගරයේ තාවකාලික ඉදිකරන ලද ෆෙයාර්ග්‍රවුන්ඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
පිරිමි සහ කාන්තා අංශවලින් කණ්ඩායම් හයක් බැගින් සහ මුළු ක්‍රීඩකයින් 180 දෙනෙකු T20 ආකෘතියෙන් තරඟ වදිනු ඇත. තරඟය සඳහා සෑම කණ්ඩායමකටම සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ හැකිය.
තරඟ දේශීය වේලාවෙන් පෙ.ව. 9.00 සහ ප.ව. 6.30 ට ආරම්භ වේ. පදක්කම් තරඟ සඳහා ද එය එසේම වේ. 1900 සිට ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුළත් වන පළමු අවස්ථාව මෙයයි. එවකට, මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යන කණ්ඩායම් දෙකක් පමණක් දින දෙකක තරඟයකට තරඟ කර තිබූ අතර, මහා බ්‍රිතාන්‍යය රන් පදක්කම දිනා ගත්තේය.