2014 දීත් දේව අතින් ගෝලයක්
(VIDEO) 1986 වසරේදී මෙක්සිකෝවේ පැවැති පාපන්දු ලෝක කුසලානයේදී ආර්ජන්ටිනා ක්‍රීඩක දියාගෝ මැරඩෝනා ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු බවට පත්වූයේ අර්ධ අවසන් පූර්ව වටයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව අතින් වාර්තා කළ ගෝලය හේතුවෙනි. මෙම ගෝලය පාපන්දු ලෝකය පුරා ප්‍රසිද්ධ වූයේ දෙවියන්ගේ අතින් ලබාගත් ගෝලය යනුවෙනි.
එංගලන්ත එෆ්.ඒ. කුසලාන වයස අවුරුදු 18 පහළ පාපන්දු තරගාවලිය යටතේ පසුගිය අඟහරුවාදා චෙල්සි කණ්ඩායම හා නිව්කාසල් යුනයිටඩ් කණ්ඩායම අතර පැවැති තිරගයේදී නිව්කාසල් ක්‍රීඩක ඔලිවර් කේමන් මැරඩෝනා මෙන්ම දෙවියන්ගේ අතින් ගෝලයක් ලබාගැනීමට සමත්විය.
පාපන්දු පිටියට එවැනි ගෝල තහනම් වුවත් තරගයේ විනිසුරු එය නීත්‍යනුකූල ගෝලයක් බවට වාර්තා කළේය. කෙසේ නමුත් තරගයේ ජය 3-2 ක් ලෙස චෙල්සි කණ්ඩායමට හිමිවිය.
|
| 1986 දී මැරඩෝනා ලබාගත් ගෝලය |
|
|
2014 දී ඔලිවර් ලබාගත් ගෝලය |
මෙම ප්‍රවෘත්තියට අදාල වීඩියෝව පහතින් නරඹන්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
