5.25 P.M. සිය ප්රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිමා කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 30ක් රැස්කරගෙන සිටියේය.
කෞෂාල් 8* උපුල් 20*
4.12 P.M. සිය ටෙස්ට් දිවියේ සිවුවැනි ශතකය වාර්තා කිරීමට ජේ.පී. දුමිනි සමත්විය. දකුණු අප්රිකා කණ්ඩායම පන්දුවාර 166.2 අවසානයේදී කඩුලු 9 ලකුණු 455 රැස්කරගෙන සිය පළමු ඉනිම අත්හිටුවීය. මෝකල් හා දුමිනි 9 වැනි කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් පැවැත්වීය. එම සබඳතාව අවසන් කිරීමට දිල්රුවන් පෙරේරා සමත්විය. දුමිනි 100* නොදැවී සිටියේය. දිල්රුවන් කඩුලු 4ක් දවාගත්තේය.
M Morkel b Perera 22 (74b 4x4 0x6) SR: 29.72
2.18 P.M. දකුණු අප්රිකානු කණ්ඩායම ලකුණු 400 සීමව පසුකිරිමට සමත්විය. ඔවුහු පන්දුවාර 88 අවසනායේදී කඩුලු අටට ලකුණු 400ක් රැස්කරගෙන සිටිති. දුමිනි 67* මොකල් 0* පිටියේ රැදී සිටිති.
2.01 P.M. දකුණු අප්රිකා ඉනිමේ අටවැනි කඩුල්ල ලෙස පිලැන්ඩර් දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. දකුණු අප්රිකානුවෝ පන්දුවාර 140ක් අවසානයේදී කඩුලු 8ට ලකුණු 392ක් රැස්කරගෙන සිටිති. දුමිනි 59* මෝකල් 0* පිටියේ රැදී සිටිති.
VD Philander lbw b Mathews 27 (96b 3x4 0x6) SR: 28.12
12.50 P.M. දිවා ආහාරයෙන් පසුව නැවතත් තරගය ආරම්භවිය. දකුණු අප්රිකා ඉනිම තවදුරටත් ගොඩ නගමින් සිටින දුමිනි, පිලැන්ඩර් හා එක්ව දකුණු අප්රිකා ඉනිම පන්දුවාර 124න් අවසානයේදී ලකුණු 342ක් දක්වා ගෙන ආවේය.
දුමිනි 27* පිලැන්ඩර් 9*
12.11 P.M. දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට දකුණු අප්රිකා කණ්ඩායම පන්දුවාර 121 කඩුලු 7ට ලකුණු 331ක් රැස්කරගෙන සිටියි. දුමිනි 22* පිලැන්ඩර් 3* නොදැවී පිටියේ රැදී සිටිති. අද දිනයේදී කොක් හා ස්ටේන් දවා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
11.18 A.M. දකුණු අප්රිකා කණ්ඩායමේ හත්වැනි කඩුල්ල ලෙසින් ඩි කොක් පිටියෙන් ඉවත් කිරීමට දිල්රුවන් පෙරේරං සමත්විය. මෙය දිල්රුවන්ගේ තෙවැනි කඩුල්ල වෙයි. පන්දුවාර 109ක් අවසානයේදී දකුණු අප්රිකා කණ්ඩායම කඩුලු හතට ලකුණු 314ක් රැස්කරගෙන සිටියි. නව පිතිකරු ලෙස වර්නන් පිලැන්ඩර් පිටියට පිවිසියේය.
දුමිනි 9*
Q de Kock c Jayawardene b Perera 51 (90b 6x4 0x6) SR: 56.66
10.44 A.M. දකුණු අප්රිකා කණ්ඩායමේ හයවැනි කඩුල්ල ලෙස ඩේල් ස්ටේන් පිටියෙන් ඉවත්කිරීමට සුරංග ලක්මාල් සමත්විය. දකුණු අප්රිකා කණ්ඩායම පන්දුවාර 101 ක් අවසානයේදී කඩුලු 6ට ලකණු 295ක් රැස්කරගෙන සිටියි.
කොක් 37*, දුමිනි4 * පිටියේ රැදී සිටිති.
DW Steyn b Lakmal 3 (20b 0x4 0x6) SR: 15.00
ඡායාරූප ශාන්ත රත්නායක