ඔස්ට්‍රේලියාව 33 - 13 එංගලන්තය
සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කර රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (03දා) පැවැති තරගයකින් ලකුණු 33 - 13 ක් ලෙස පහසු ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු (වොලබීස්) කණ්ඩායම සමත්විය.
මෙම පරාජයත් සමඟ එංගලන්ත කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර, එය රග්බි ලෝක කුසලාන තරග ඉතිහාසයේ සත්කාරක රටක් පළමු වටයෙන්ම ඉවත්වූ පළමු අවස්ථාව වේ.
ජයග්‍රාහී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ගෝල දිනුම් 03 ක් හා දඩුවම් පහර 04 ක් සාර්ථක කරගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කරගත් අතර, පරාජිත එංගලන්ත කණ්ඩායමට වාර්තාකිරීමට හැකිවූයේ ගෝල දිනුමක් හා දඩුවම් පහරක් පමණි.
ජපානය 26 - 05 සැමෝවා
සැමෝවා කණ්ඩායම පරාජය කර බී කාණ්ඩයේ ඊයේ (03දා) සන්ධ්‍යාවේ පැවැති තරගයකින් ලකුණු 25 - 05 ක් ලෙස ජය ලැබීමට ජපාන (චෙරි බ්ලොසොම්) කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ජපානයට හැකිවිය.
දඩුවම් පහර 04 ක් ගෝල දිනුම් 02 ක් සාර්ථක කරගැනීමට ජපාන ක්‍රීඩකයන් සමත්වද්දී, සැමා්වා ක්‍රීඩකයන්ට සාර්ථක කරගැනීමට හැකිවූයේ දඩුවම් පහක් පමණි.
දකුණු අප්‍රිකාව 34 - 16 ස්කොට්ලන්තය
මෙම තරගාවලියේ බී කාණ්ඩයේ ඊයේ (03දා) පැවැති තවත් තරගයකින් ස්කොට්ලන්තය පරාජය කර ලකුණු 34 - 16 ක් ලෙස ජයලැබීමට දකුණු අප්‍රිකාව (ස්ප්‍රිංග්බොක්ස්) සමත්විය. ඒ අනුව දකුණු අප්‍රිකාවට මෙම කාණ්ඩයේ ඉදිරියට පැමිණීමට හැකිවිය.
ජයග්‍රාහී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ගෝල දිනුම් 02, උත්සාහක දිනුමක්, දඩුවම් පහර 04 ක් හා එක් ඩ්‍රොප් ගෝලයක් සාර්තාක කරගත් අතර, ස්කොට්ලන්ත ක්‍රීඩකයන්ට සාර්ථක කරගැනීමට හැකිවූයේ ගෝල දිමුකම් හා දඩුවම් පහර 03 ක් පමණි.