හොඳ පුහුණුකරුවෙක් සිට හොඳ ක්‍රිඩකයන් නැත්නම් වැඩක් නෑ - චන්දිමාල්
දක්ෂ පහුණුකරුවෙක් සිටින විට දක්ෂ ක්‍රිඩකයන් නොමැතිනම් හා දක්ෂ ක්‍රිඩකයන් සිටින විට දක්ෂ පහුණුකරුවෙක් නොමැතිනම් හොඳ ප්‍රථිපල ලබාගත නොහැකි බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.
බංග්ලාදේශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙින් ඔහු මේ බව පැවැසිය.
“ඇත්තටම ඒක කණ්ඩායමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්රේක්ෂකයන්ටත් අමාරු කාලයක් වුණා. නමුත් දැන් නව පුහුණුකරු යටතේ විවිධ ක්රමෝපායන් ලබාගෙන තිබෙනවා. අපි ඔහු ගැන විශාවාස කරනවා. අපි දැන් ප්‍රතිඵලය ගැන නෙමෙයි හිතන්නේ අපි පිටිය මැදදි හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ කොහොමද කියලයි හිතන්නේ. ඒක තමයි කණ්ඩායමේ සිදුවූ ප්‍රධාන වෙනස.
ජයග්‍රහණය ඔබට විශාල විශ්වාසයක් දෙනවා. ඔබට හොඳ පුහුණුකරුවෙක් සිට හොඳ ක්‍රීඩයකන් නැතිනම් හෝ හොඳ ක්‍රීඩකයන් සිට හොඳ පුහුණුකරුවෙක් නැතිනම් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න බෑ. දැනි අපිට හොඳ මිශ්‍රණය ලැබී තිබෙනවා.”
.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


