හොංකොං හමුවේ ශ්රී ලංකාවට දරුණු පරාජයක්
ආසියානු 19 න් පහළ රග්බි තරගාවලියේ හොංකොං කණ්ඩායම සමග පැවති තරගයේ පළමු අදියරෙන් ලකුණු 37-08 ක පරාජයක් ලැබීමට ශ්රී ලංකාවට සිදුවිය.
එළඹෙන වර්ෂයේ (2018) ලෝක රග්බි කිරුළ (World Rugby Trophy/ දෙවැනි පෙළ ලෝක කුසලානය) වෙනුවෙන් පැවත්වෙන සුදුසුකම් ලබා ගැනීමට පැවැත්වෙන රග්බි තරගයේ පළමු අදියර ලෙසින් මෙය ඊයේ (10) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණි.
තරගයේ පළමු අර්ධය අවසන් වනවිටදි ලකුණු 22-3 ක් ලෙසින් ඉදිරියෙන් සිටිමට හොංකොං කණ්ඩායම සමත් විය.
දෙවැනි අර්ධයේදීද හොංකොං කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට ශ්රී ලංකා ක්රීඩකයින්ට නොහැකි වූ අතර සමස්ථ තරගය පුරා ගෝල දිනුමක් හා උත්සාහක දිනුම් 6 ක් ආධාරයෙන් ලකුණු රැස් කළහ. ශ්රී ලංකාව උත්සාහක දිනුමක් හා ගෝල දිනුමක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.
තරගාවලියේ මීලඟ තරගය එළඹෙන 16 වැනිදා හොංකොං හි හොංකොං පාපන්දු ක්රීඩාංගණයේදී පැවැත්වේ.
ඡායාරූප- ඉසුරු පෙරේරා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
























