www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ දෙවැනි සතියේදී හැව්ලොක්ස් පරදා පෙරලිකාර ජයක් හිමි කර ගැනීමට සී.එච්. කණ්ඩායම සමත් විය. කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවති තරගයේ අවසන් ලකුණු තත්වය දැක්වුනේ 27-25 ක් ලෙසිනි.
තරගයේ පළමු අර්ධයේදී හැව්ලොක්ස් ඉතා දක්ෂ ක්‍රීඩා විලාශයක නිරත වූ අතර ඒ අනුව ලකුණු 25-13 ක් ලෙස එම අර්ධයේ ඉදිරියෙන් පසුවීමට ඔවුන් සමත් විය. නමුත් දෙවැනි අර්ධයේදී හැව්ලොක්ස් කණ්ඩායමට සී.එච් ගෙන් දැඩි පීඩනයක් එල්ල වූ අතර එම අර්ධයේ සී.එච්. ක්‍රීඩකයින් තවත් ලකුණු 14 ක් රැස් කලේ ප්‍රතිවාදීන්ට ලකුනු රැස් කිරීමට ඉඩ නොදෙමිනි.
ජයග්‍රාහී සී.එච් ක්‍රීඩකයින් ගෝල දිනුම් 3 ක්, දඩුවම් පහරක් හා ඩ්‍රොප් ගෝලයක් ආධාරයෙන්ද හැව්ලොක්ස් ක්‍රීඩකයින් ගෝල දිනුම් 2 ක් උත්සාහක දිනුමක් හා දඩුවම් පහර ද්විතවයකින් ලකුනු රැස් කළහ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd