www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
දෙවැනි අර්ධයේදී දැක්වූ විශීෂ්ඨ ක්‍රීඩා රටාව නිසා ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය ජයග්‍රාහී මාවත නැවත විවිර කර ගැනීමට හැව්ලොක්ස් සමත් විය. ඊයේ (13) පැවති තරගයෙන් යුද හමුදා කණ්ඩායම පරදා ලකුණු 27-08 ක ජයක් වාර්තා කිරිමට හැව්ලොක්ස් කන්ඩායම සමත්විය.
කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවති තරගයේ පළමු අර්ධයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයින්ට යුද හමුදවෙන් තරමක පීඩනයක් එල්ල වූ අතර එම අර්ධය නිමා වූයේ ලකුණු 10-08 ක් ලෙස හැව්ලොක්ස් කණ්ඩායම ඉදිරියෙන් සිටිමිනි.
කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී හැව්ලොක්ස් කණ්ඩායම සිය සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වූ අතර එහිදී තවත් ලකුණු 17 ක් සිය ලකුණූ පුවරුවට එක් කර ගැනිමට ඔවුන් සමත් විය.
ජයග්‍රාහී හැව්ලොක්ස් ක්‍රීඩකියන් ගෝල දිනුම් 3 ක් , දඩුවම් පහරක් හා එක් ඩ්‍රොප් ගෝලයක් ආධාරයෙන් ලකුණු රැස් කළ අතර යුද හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් හා ගෝල දිනුමක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd