සුසන්ත බොතේජු 19 වැනි වරටත් ස්නූකර් ශූරතාව දිනයි
සුසන්ත බොතේජුට 19 වැනි වරටත් ශූරතාව හිමි කර දෙමින් 65 වැනි ජාතික ස්නූකර් ශූරතාව කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජයේදී අද (23) නිමාවට පත් විය.
තරගාවලියේ අවසන් මහා තරගයට සුසන්ත බොතේජු සමගින් පසුගිය වර ශූරයා වූ එම්.එෆ්.එම්. ෆාසිල් තරග වැදුනු අතර එහිදී තියුනු තරගයකින් පසු තරග වට 5-6 ක් ලෙසින් ජය හිමිකර ගැනීමට සුසන්ත බොතේජු සමත් වීම විශේෂත්වයකි.
එහි අවසන් ලකුනු තත්වය 58-26,12-96,73-64,55-52,69-07,48-52,31-64,50-54,73-00,55-58,69-12 ක් ලෙසින් දැක්විණි.
තරගාවලියේ තෙවැනි ස්ථානය එම්. මුබීන් විසින් දිනා ගත් අතර සිව්වැනි ස්ථානය හිමිවූයේ එම්.එෆ්.එම්. ෆාහිම්ට යි.
මෙහි අනුග්රාකත්වය සුමති සමූහ ව්‍යාපාරය විසින් දරන ලද අතර තරගාවලියේ ජයග්‍රහකයින්ට ත්‍යාග ප්රදානය සුමති සමූහ ව්‍යාපාරයේ කළමණාකරණ අධ්යක්ෂ ජගත් සුමතිපාල මහතා අතින් සිදු කෙරිණි.
සුසන්ත බොතේජු තරග වදිමින්
එම්.එෆ්.එම්. ෆාහිම් තරග වදිමින්
අනුශූරතාව දිනූ එම්.එෆ්.එම්. ෆාසිල්
ශූරතාව දිනූ සුසන්ත බොතේජු
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.














