සුරංග ලක්මාල්ට අලුත් තනතුරක්
සංචාරක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සුරංග ලක්මාල්ට හිමිව තිබේ. තරගාවලිය මේ මස 31 වැනිදා සිට පෙබරවාරි 12 වැනිදා දක්වා පැවැත්වේ.
තරගාවලියට එක්වන 16දෙනා ශ්‍රී ලංකා සංචිතය ද අද (13 වැනිදා) නම් කරනු ලැබීය. එම සංචිතයට මෙන්ම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව උපනායක සුරංග ලක්මාල් ට ද ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදණයේ සදහන් වේ.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය - දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රෝෂේන් සිල්වා, රංගන හේරත්, සුරංග ලක්මාල් (උප නායක), දිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සදකැන්, අකිල ධනංජය, ලහිරු ගමගේ, ලහිරු කුමාර්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

