සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ගාල්ලට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් පළාත් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ගාලු කණ්ඩායම සමත්විය. ඒ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුවය. ඔවුන් ප්‍රසාද ලකුණු 37.5ක් සමගින් පෙරමුණ ගත් අතර අනුශූරතාව දිනාගත් දඹුල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු 35.5ක් ලබාගත්තේය. තෙවැනි ස්ථානය දිනාගත් නුවට කණ්ඩායමට ලකුණු 22.5ක් හිමිව තිබේ.
ගාලු කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවීය. ඒ සුරංග ලක්මාල් ආබාධයකට ලක්විම හේතුවෙනි. දඹුල්ල කණ්ඩායමට දිමුත් කරුණාරත්න නායකත්වය දුන් අතර කොළඹ කණ්ඩායම දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවීය.
තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ ගාලු කණ්ඩායමේ රොෂේන් සිල්වාය ඔමු ලකුණු 535ක් රැස්කර තිබුණේ 178ක සාමාන්යයකිනි. ඔහු නොදැවී ලකුණු 231ක් රැස්කිරීමට සමත්වීම ඉනිමක වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. මීට අමතරව නිරෝෂන් දික්වැල්ල ලකුණු 315ක් රැස්කළේ 100ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. තරගාවලියේ දෙවැනි වටය ක්‍රියාත්මක වූයේ විදුලි ආලෝක මධ්‍යයේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


