සිම්බාබ්වේ පිල තුන්කොන් තරගාවලියේ දී වෙනසක් කරාවි - සිම්බාබ්බේ පුහුණුකරු හීත් ස්ට්‍රික්
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ එක්දින කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම පැහැදිලි වෙනසක් කරනු ඇතැයි සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරු හීත් ස්ට්‍රික් සදහන් කරයි. අයි.සී.සී ක්‍රිකට්.කොම් වෙබ් පිටුවට සිය අදහස් දක්වමින් ඔහු මේ බැව් පැවසීය.
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හි සිම්බාබ්වේ කණ්ඩායම පසුපසින් සිටිය ද පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැති එක්දින තරගාවලිය ජය ගැනීමත් සමගින් සිය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් තුන්කොන් තරගාවලියේ දී ඔවුන් තව තවත් ඉදිරියට පැමිණෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු සඳහන් කරයි.
එසේම චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට ගත් තීරණය, නිවැරදි තීරණයක් බවද සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරු හීත් ස්ට්‍රික් වැඩිදුරටත් පවසා සිටියි. ස්ට්‍රික්, කළක් හතුරුසිංහ යටතේ බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කළ අයෙකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

