සචින්ගේ පුතා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට ළංවෙයි
ඉන්දියාවෙන් බිහිවූ සුපිරිම පිතිකරුවෙක් මෙන්ම, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත චරිතයක් වන ඉන්දීයාවේ සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර් වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩාව ආසන්නයටම පැමිණ තිබේ. ඒ මුම්බායි ක්‍රිකට් සංගමයේ 19න් පහළ කණ්ඩායම සඳහා ඔහු තෝරාගැනීමත් සමගිනි.
මේ මස 24 දාට සිය 18 වැනි උපන්දිනය සමරන අර්ජුන් ජේ.වයි. ලෙලේ ආරාධිත තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මෙසේ නම්කර ඇත.
මෙම තරගාවලිය ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන තරගාවලියක් නොවුණත් එම තෝරා ගැනීම අර්ජුන් 19 න් පහළ නිල ඉන්දිය සංචිතයට පැමිණීම සඳහා ආසන්නතම අවස්ථාව වෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සචින් දකුණත් පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වුවත් ඔහුගේ පුත් අර්ජුන් වමතින් වේග පන්දු යවන්නෙකු ලෙස කටයුතු කරයි. එසේම ඔහුට පිතිකරණයේද දක්ෂතාවක් පවතී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

