ශ්‍රී ලංකාවේ පාපන්දු නංවන්න AFC සහාය
ශ්‍රී ලංකාව පුරා පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කරවීමට අවශ්‍ය භෞතික පහසුකම් සහ පුහුණු ඉඩප්රස්ථා ලබාදෙන බව මෙරට විශේෂ සංචාරයක නිරත ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති සල්මන් බින් ඊබ්රහහිම් අල් කලීෆා මහතා පවසයි.
එම දූත පිරිස සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර අද (03දා) එම අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.
මෙම හමුවේදී වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව පුරා පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කරවීමට ඇති අවශ්‍යතාව පිළිබඳව පැහැදිලි කර ඇත. තරුණ පිරිස අතර පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කරවීමට භෞතික පහසුකම් සහ පුහුණු ඉඩප්රස්ථා ලබාදීමට පියවර ගන්නා ලෙස ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති සල්මන් බින් ඊබ්රහහිම් අල් කලීෆා මහතාගෙන් ඉල්ලා සිටි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


