ශ්රී ලංකාවේ පළමු කඩුල්ලත් දැවී යයි
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්රී ලංකා ණ්වඩායම අතර බංග්ලදේශයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදෙන ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 6 ක් අවසානයේදී එක් කඩුල්ලකට ලකුණු 14ක් රැස්කරගෙන සිටියි.
දිමුත් කරුණාරත්න ස්ටම්ප් කිරිමකට හසුව දැවී ගියේය. ඒ වසර හතරකට පමණ පසුව බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරගයක් ක්රීඩා කරන දඟ පන්දු යවන ක්රීඩක අබ්දුර් රසාක්ගේ පන්දුවක් හමුවේය.
කුසල් මෙන්ඩ්ස් (11) හා ධනංජයද සිල්වා (0) නොදැවි පිටියේ රැඳී සිටිති. ශ්රී ලංකාව වෙනුවෙන් මෙම තරගයේදී පිට දඟ පන්දු යවන ක්රීඩක අකිල ධනංජය ටෙස්ට් වරම් හිමිකර ගත්තේය. ඒ ලක්ෂාන් සඳකැන් වෙනුවටය.
දඟ පන්දු යවන්නනට වාසි දාය ලෙස මීර්පූර් තණතීරුව සකස් කරඅ ති බව වාර්තා වෙයි. මේ අතර වේග පන්දු යවන ක්රීඩක ළහිරු කුමාර වෙනුවට ධනුෂ්ක ගුණතිලකද ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


