ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර නව දිල්ලි නුවර ෆේරොෂ් ෂා කොට්ලා ක්රීඩාංගණයේදී පැවැති තරගයේදී ශ්රී ලංකා ක්රීඩකයන් වායු දුෂණය හේතුවෙන් පීඩාවට පත්වීම පිළිබඳව ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් කරුණු විමසීමට ඉන්දීය ක්රිකට් ආයතනය සූදානම් වෙයි.
එහි වැඩ බලන සභාපති සී.කේ. ඛන්නා ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයාට මේ පිළිබඳව කරුණු විමසමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයට ලිපියක් යොමුකරන ලෙස දන්වා ඇත.
“ 20000 ක් තරගය නැරඹුවා. කාටවත් ගැටලුවක් නෑ. ඉන්දීය කණ්ඩායමත් ගැටලුවකට මුහුණ දුන්නේ නෑ. මම පුදුම වුණා ඇයි ශ්රී ලංකාව මේ තරම් කලබල වුණේ කියලා. මේ ගැන මම ලේකම් සමග කතාකරවා. ඒ වගේම ශ්රී ලංකා ක්රිකට් ආයතනයට ලිපියක් යොමුකරන්න කිවුවා”