ශ්රී ලංකාවෙන් ඇමෙරිකාවට ගිය රෝයි ක්රිකට්වලින් වැඩ පෙන්වයි
ශ්රී ලංකාවේ පළමු පෙළ ක්රිකට් තරග ක්රීඩා කළ පසුව ඇමෙරිකාවේ ජාතික ක්රිකට් කණ්ඩායම එක්ව සිටින ශ්රී ලංකා තුන්ඉරියව් රෝයි සිල්වා සිය මංගල එක්දින තරගයේදීම ඇමෙරිකාව වෙනුවෙන් දක්ෂතා දක්වා තිබේ.
කැනඩා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී රෝයි මෙම දක්ෂතා දක්වා ඇත. එහිදී පන්දු යැවීමෙන් කඩුලු 4ක් ලබාගෙන ඇති රෝයි පන්දුවට පහරදෙමින්ද නොදැවී ලකුණු 38ක් රැස්කරමින් කණ්ඩායම ජයග්රහණය කරා මෙහෙයවා තිබේ.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කැනඩා කණ්ඩායම ලකුණු 141ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඇමෙරිකා කණ්ඩායම පන්දුවාර 40.1කදී කඩුලු පහක් පමණක් වැයකර ලකුණු 144ක් රැස්කරමින් තරගය ජයගෙන තිබේ.
රෝයි සිල්වා ශ්රී ලංකාවේ හලාවත මේරියන්ස්, කෝල්ට්ස්, කඳුරට, මුවර්ස් හා ශ්රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් නියෝජනය කර ඇති තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වා ඇති ක්රීඩකයෙකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

