ලෝකේෂ් රාහුල්ට ගාලු ටෙස්ට් තරගය අහිමිවෙයි
(UPDATE) 15.20 PM
වෛරස් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ට ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ගාල්ලේදී එළැඹෙන 26 දා ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් තරගය අහිමිවනු ඇත.
රාහුල්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් පළමු ටෙස්ට් තරගයෙන් විවේක ගැන්වීමට තීරණය කළ බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරයි.
පළමු ටෙස්ට් තරගයෙන් රාහුල් විවේක ගැන්වීම හේතුවෙන් ඉන්දීය ඉනිම ආරම්භ කිරීම වමත් පිතිකරුවන් වන අභිනව් මුකන්ඩ් හා ශිකර් දවාන් විසින් සිදුකරනු ඇත.
11.20 AM ලෝකේෂ් රාහුල්ට උණ
ඉන්දීය කණ්ඩායමේ ලෝකේෂ් රාහුල් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට එක්වීම සඳහා මේ වන විට ගාල්ලට ගොස් තිබේ. නමුත් ලෝකේෂ් රාහුල් තවමත් කොළඹ රෝහල්ගතව සිටින බවත් වාර්තාවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

