ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 17 වන බදාදා
මෙවර ඩයලාග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය ජයමාවත ඉදිරියටත් ගෙන යමින් පොලිස් කණ්ඩායම පරදා ලකුණු 43-11 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. කොළඹ පොලිස් මූලස්ථාන පිටියේදී ඊයේ (11) පැවති තරගයේ පළමු අර්ධයේ සිටම පෙරමුණ ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමු අර්ධය නිමා වන විටදී ලකුණු 31-06 ක් ලෙස පැහැදිලි පෙරමුණක් ලබා සිටියේය.
මහනුවර ලකුණු පුවරුව වෙනුවෙන් ගෝල දිනුම් 4 ක් හා උත්සාහක දිනුම් 3 ක් වාර්තා වූ අතර පොලිස් කණ්ඩායමේ ලකුණු පුවරුවට දඩුවම් පහරක්, ඩ්‍රොප් ගෝලයක් හා උත්සාහක දිනුමක් අන්තර්ගත විය.
මහනුවර කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ දෙවැනි ජය මෙයයි.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙල්වා හා එස්.ආර්. හිමිකර ගනියි
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd