ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ සිව්වැනි සති අන්තයේ තරග වලින් ජයග්‍රහණ වාර්තා කිරීමට මහනුවර , ගුවන් හමුදා, නාවික හමුදා කණ්ඩායම් සමත් විය. මේ අතර පොලිස් හා හැව්ලොක්ස් අතර කොළඹ පොලිස් පිටියේදි පැවති තරගය ජය පැරදුමින් තොරව නිමා විය.
මෙහිදී මහනුවර නිත්තවෙළ පිටියේදී පැවති තරගයේදී ප්‍රභල මහනුවර කණ්ඩායමට දැඩි තරගයක් ලබා දීමට සී.එච්. කණ්ඩායම සමත් වුවද එය ලකුනු 34-23 ක් ලෙසින් ජය ගැනීමට මහනුවර සමත් විය.
එමෙන්ම පෙරේදා (20) රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවති තරගයෙන් ප්‍රභල යුද හමුදාව පරදා ලකුණු 33-10 ක ජයක් හිමිකර ගැනිමට ගුවන් හමුදාව සමත්විය.
මේ අතර තරගාවලියේ සිය අණසක යලිත් පතුරමින් සී.ආර්. ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම ලකුණු 34-18 ක් ලෙස පරදා ජය ලැබීමට නාවික හමුදා කණ්ඩායම සමත්විය.
මීට අමතරව ඊයේ (21) කොළඹ පොලිස් පිටියේදී පැවති හැව්ලොක්ස්- පොලිස් අතර තරගය ලකුණු 24-24 ක් ලෙසින් ජය පැරදුමින් තොරව නිමාවට පත් විය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd