www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියරේදී සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට දරුණු අභියෝගයක් එල්ල කිරීමට පොලිස් කණ්ඩායම සමත් විය. කොළඹ පොලිස් පිටියේදී ඊයේ (06) පැවති තරගයේ අවසන් ලකුණු තත්වය අනුව ලකුණු 33-31 ක ජයක් සී.ආර්. කණ්ඩායම සතු වුවද තරගය පුරා පොලිස් කණ්ඩායම දැක්වූ දක්ෂතා කැපි පෙණින.
තරගයේ පළමු අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයකට අවතීර්ණ වූ සී.ආර්. ක්‍රීඩකයින් එම අර්ධය අවසනදී ලකුනු 26 ක් රැස් කර ගත්තේ ප්‍රතිවාදීන් ලකුණු 10 කට පමණක් සීමා කරමිනි.
කෙසේ වෙතත් සී.ආර්. කණ්ඩායමට දෙවැනි අර්ධයේදී පොලිසියෙන් දරුණු අභියෝගයක් එල්ල වුවත් තරගයේ ජයග්‍රහණය පොලිස් කණ්ඩායමෙන් ගිලිහී ගියේ නූලෙනි.
ජයග්‍රාහී සී.ආර්. ක්‍රීඩකයින් ගෝල දිනුම් 4 ක් හා උත්සාහක දිනුමක් සාර්ථක කර ගත් අතර පොලිස් ක්‍රීඩකයින් ගෝල දිනුම් 4 ක් හා එක් දඩුවම් පහරක් සාර්ථක කර ගත්හ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd