පාකිස්තාන විස්සයි20 තරගාවලියේ නායකත්වය තිසරට
- 21 10 2017
- 18:09
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරග තුනේ නායකත්වයට තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව අද (ඔක්තෝබර් 21දා) කටයුතු කළේය.
තරගාවලියේ පළමු තරග දෙක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කිරීමට නියමිත අතර අවසන් තරගය පාකිස්තානයේ ලාහෝර් නුවර ක්‍රීඩා කරයි. ආරක්ෂක හේතුන් මත ශ්‍රී ලංකා නිත්‍ය නායක උපුල් තරංග ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම විස්සයි20 තරගාවලියට ක්‍රීඩා නොකරයි.
පාකිස්තාන කණ්ඩායහම හා ලෝක කණ්ඩායම අතර පාකිස්තානයේ පැවැති විස්සයි20 තරගාවලියට එක්වීමට තිසර පෙරේරා පාකිස්තානයට ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී 2009 වසරේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයට ජාත්‍යන්තර කණ්ඩායම් පැමිණීම ප්‍රතික්ෂේප කරයි.
ශ්‍රී ලංකා සංචිතය - තිසර පෙරේරා (නායක), ඩිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), අශාන් ප්‍රියන්ජන්, මහේල උඩවත්ත, දසුන් ශානක, සචිත් පතිරණ, විකුම් සංජය, ළහිරු ගමගේ, සීක්කුගේ ප්‍රසන්න, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩසේ, චතුරංගද සිල්වා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


