පන්දු යැවිමෙන් ඇන්ඩර්සන් පෙරමුණට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් එළි දක්වන ලද නවතම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගැනීමට එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් සමත් වී ඇත. ඒ ප්‍රසාද ලකුණු 896 ක් හිමි කර ගනිමිනි.
ඊයේ (09) අවසන් වූ බ.ඉ.කොදෙව් කණ්ඩායම සමගින් පැවති ටෙස්ට් තරගාවලියේදී ඔහු දැක්වූ දස්කම් මත මෙම ශ්‍රේණිගත කිරීමට ලඟා වීමට හැකි වි ඇත.
ඒ අනුව මීට පෙර එහි පෙරමුනේ රැඳී සිටි ඉන්දීයාවේ රවීන්ද්‍ර ජඩේජා දෙවැනි ස්ථානයටත් (ප්‍රසාද ලකුණු 884) ඉන්දියාවේ රවිචන්ද්‍ර අෂ්වින්ට තෙවැනි ස්ථානයත් (ප්‍රසාද ලකුණු 852) හිමි වී ඇත.
ශ්‍රී ලංකාවෙන් මෙහි ඉහළින්ම රැඳී සිටින රංගන හේරත් ලෝක මට්ටමින් සිව්වැනි ස්තානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුනු 809 ක් දිනා ගනිමිනි.
මේ අතර බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලියේදී පන්දුවෙන් සුපිරි දක්ෂතා දැක්වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක නේදන් ලයන් මෙම සටහනේ 8 වැනි ස්ථානය දක්වා ඉහළ නැග ඇත්තේ සිය ටෙස්ට් දිවියේ හොඳම ශ්‍රේණිගත කිරීම වාර්තා කරමිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

