නිදහස් කුසලානයේ නායකත්වය චන්දිමාල්ට - මාලිංග ඉවතට
ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහසට සමගාමීව පවත්වන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල් වෙත පවරා තිබේ. ඒ සීමිත පන්දුවාර නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් ආබාධයෙන් සුවය ලබමින් සිටින හෙයිනි.
මේ අතර තරගාවලිය සඳහා 20 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයද ක්‍රිකට් ආයතනය විසින් අද (27දා) ප්‍රකාශයට පත්කරනු ලැබීය. එම සංචිතයට ආබාධයකට ලක් වූ කුසල් ජනිත් පෙරේරාද එක්ව තිබේ. කෙසේ වෙතත් මූලික සංචිතයට ලසිත් මාලිංගගේ නම ඇතුළත් නොවෙයි.
මූලික සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවසරය ලැබී ඇති අතර, අවසන් 15 දෙනාගේ සංචිතය හෙට (28දා) ප්‍රකාශයට පත්කරන බවද ක්‍රිකට් ආයතනය පවසයි.
නිදහස් කුසලානය ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන අතර, මාර්තු 6 දා ආරම්භ වන තරගාවලියේ සියලු තරග ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.
මූලික සංචිතය - දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල්ල, සදීර සමරවික්‍රම, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, අමිල අපොන්සු, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


