නවසීලන්තය ඉන්දියාවේදී ඉන්දියාව පරදයි
ඉන්දියාව සහ නවසීලන්තය සමග මුම්බායිහිදී ඊයේ (22දා) පළමු එක්දින තරගය කඩුලු 06කින් ජයගැනීමට නවසීලන්තය සමත් විය.
මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 280 ක් රැස් කළේය.
මෙහිදි අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඉන්දීය නායක විරාට් කෝලි පන්දු 125කදී හතරේ පහර 09 ක් සහ හයේ පහර 02 ක් සමගින් ලකුණු 121 ක් රැස් කළේය.
මෙය ඔහුගේ 31 වැනි එක්දින ශතකයයි. මේ සමග ඔහු ලොව එක්දින පිටියේ වැඩිම ශතකලාභීන් අතර දෙවැනි ස්ථානයට පත් විය.
පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 35කට කඩුලු 04 ක් බිඳ හෙළීය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 49කදී කඩුලු 04ක් දැවී ලකුණු 284 ක් රැස් කරමින් තරගය ජයගත්තේය.
මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ටොම් ලෙතම් පන්දු 102කදී හතරේ පහර 08 ක් හා හයේ පහර 02 ක් සමගින් ලකුණු 103 ක් රැස් කළේය.
ඔහු රොස් ටේලර් සමගින් එක්ව 04 වැනි කඩුල්ලට ලකුණු 200 ක සබඳතාවක් එක් කළේය. මෙම තරගය ජය ගැනීම නිසා ඉන්දියාව සමග පැවැත්වෙන තරග 03කින් යුතු එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත් විය. තරගයේ වීරයා වූයේ නවසීලන්තයේ ටොම් ලෙතම්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


