ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
අන්තර්පාසල් 19 න් පහළ පළමු කාණ්ඩයේ ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග කිසිදු ජයග්‍රහණයක් නොලබා අවසන් කීරීමට මහනුවර ධර්මරාජ විදුහලට සිදුවිය. ඒ බොරැල්ල වෙස්ලි හමුවේ , පළමුකාණ්ඩයේ තමන් සහභාගි වූ අවසන් තරගයෙනුත් ලකුනු 23-15 ක පරාජයක් ලැබීමට සිදුවීම හේතුවෙනි.
කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පීටියේදී පැවති තරගයේ පළමු අර්ධයේ පටන් තියුණු තරගයක් දැකගැනීමට හැකිවූ අතර එම අර්ධය අවසන් වූයේ වෙස්ලි විදුහල ලකුණු 18-10 ක් ලෙස ඉදිරියෙන් සිටිමිනි.
ජයග්‍රාහී වෙස්ලි ක්‍රීඩකයින් ගෝල දිනුමක්, උත්සාහක දිනුම් දෙකක් හා දඩුවම් පහර දෙකක් ආධාරයෙන් ලකුනු රැස් කරද්දී ධර්මරාජ ක්‍රීඩකයෝ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් මගින් ලකුනු රැස් කළහ.
මෙම තරගය තරග කාළ සටහනට අනුව මීට පෙර පැවැත්වීමට තිබුණත් තරගාවලිය මැදදී සිදුවූ නොවැළැක්විය හැකි හේතුවක නිසා කල් දැමිණි.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd