www.ada.lk
2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා
අන්තර්පාසල් 19 න් පහළ පළමු කාණ්ඩයේ ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග කිසිදු ජයග්‍රහණයක් නොලබා අවසන් කීරීමට මහනුවර ධර්මරාජ විදුහලට සිදුවිය. ඒ බොරැල්ල වෙස්ලි හමුවේ , පළමුකාණ්ඩයේ තමන් සහභාගි වූ අවසන් තරගයෙනුත් ලකුනු 23-15 ක පරාජයක් ලැබීමට සිදුවීම හේතුවෙනි.
කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පීටියේදී පැවති තරගයේ පළමු අර්ධයේ පටන් තියුණු තරගයක් දැකගැනීමට හැකිවූ අතර එම අර්ධය අවසන් වූයේ වෙස්ලි විදුහල ලකුණු 18-10 ක් ලෙස ඉදිරියෙන් සිටිමිනි.
ජයග්‍රාහී වෙස්ලි ක්‍රීඩකයින් ගෝල දිනුමක්, උත්සාහක දිනුම් දෙකක් හා දඩුවම් පහර දෙකක් ආධාරයෙන් ලකුනු රැස් කරද්දී ධර්මරාජ ක්‍රීඩකයෝ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් මගින් ලකුනු රැස් කළහ.
මෙම තරගය තරග කාළ සටහනට අනුව මීට පෙර පැවැත්වීමට තිබුණත් තරගාවලිය මැදදී සිදුවූ නොවැළැක්විය හැකි හේතුවක නිසා කල් දැමිණි.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
ඉන්ධන මිලට රජයෙන් සහනයක්
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
නාවික හමුදාපති මියගිය බව ඉරානය තහවුරු කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd