දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකාව සටනක
සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 56ක් අවසානයේදී කඩුලු තුනකට ලකුණු 235ක් රැස්කරගෙන සිටියි.
දිවා ආහාරය තෙක් ඉන්දීය කණ්ඩායම එකදු කඩුල්ලක් හෝ බිඳ වැටීමකින් තොරව පන්දුවට පහරදුන්නේය. නමුත් දිවා ආහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ මලින්ද පූශ්පකුමාර ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දවා ගැනිමට සමත්විය.
ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙසින් ලෝකේෂ් රාහුල් (85) මුලු ලකුණු සංඛ්‍යාව 188 දී දැවී ගියේය. පසුව ශිකර් දවන් (117) ලකුණු 219දී දැවී ගියේය. එම කඩුලු ද්විත්වයේම හිමිකරුවා වූයෙ මලින්දයි. තුන්වැනි කඩුල්ල ලෙස පුජාරා (8) මුළු ලකුණු සංඛ්‍යාව 229දී දැවී ගියේය. ඒ ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේය.
කෝලි 11, රහානේ 3 නෙදැවී පිටියේ රැඳී සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

