තරග පාවාදීම් ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න - සජිත්
ක්‍රීඩා ක්ෂේත්රය තුළ තරග පාවාදීම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බැවින්, ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය අකුරට ක්‍රියාත්මක කර උපරිම දඬුවම් ලබාදිය යුතු බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ක්‍රීඩාව, සූදුවට සහදූෂණයට බද්ධ නොකළ යුතු බවත්, සෑම ක්‍රීඩාවක්ම නිර්දේශපාලනීකරණය කර දේශපාලඥයන් ක්‍රීඩා සංගම්වල තනතුරුවලට පත් කිරීමේ සංස්කෘතියට තිත තැබිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ කරාතේ ජයග්‍රහණ රැසක් ලැබූ, පී.ජී. විහඟි සෂෙන්කා ක්‍රීඩිකාවට නව නිවසක් පිරිනැමීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේදී සිදු කෙරුණු අතර අමාත්‍යවරයා එහිදී මේබව පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


