ඩොව්රිච්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව පසුපසට
ශේන් ඩොව්රිච්ගේ ශතක ඉනිමත් ඒ වටා ගොනු වූ කොදෙව් මැදපෙළ හා පසුපෙල පිතිකරුවන්ගේ ඉනිම් හේතුවෙනුත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට කොදෙව් කණ්ඩායම තරගයේ ඉදිරියට පැමිණියේය.
සිය ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ඩොව්රිච් නොදැවී ලකුණු 125ක් රැස්කළ අතර කොදෙව්වන් 414/8ක් ලෙස සිය ඉනිම අත්හිටුවීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු කුමාර 4/95 ක් ලෙස පන්දුවෙන් දක්ෂත දැක්වීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 3ට ලකුණු 31ක් රැස්කරගෙන අසීරු අවස්ථාවක පසුවෙයි.
කුසල් මෙන්ඩිස් (4), කුසල් පෙරේරා (0) හා ඇන්ජලෝ මැතිව්ස් (11) දැවී ගිය ක්‍රීඩකයෝ වෙති. දිනේෂ් චන්දිමාල් (3*) හා රොෂේන් සිල්වා (1*) පිටියේ රැඳී සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

