ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා/ශාන්තිකර කලාපීය දෙවැනි කාණ්ඩයේ(Group 2) තරගාවලියේ මුහුණ දුන් පළමු තරගයෙන් පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ අද (04) තායිලන්තය හමුවේ තරග වට 3-2 ක් ලෙසිනි. මෙහිදී ශ්‍රී ලංකාව ඒකළ තරග අදියර 4 කට හා යුගල එක් තරග වටයකට මුහුණ දුන්නේය.
කෙසේ වෙතත් එහිදී ශ්‍රී ලංකාව ඒකළ තරග අදියරක හා යුගල තරග වටයක ජය හිමිකර ගත්තද යුගල තරග අදියර තුනක් පරාජයට පත් විය.
එහිදී අවසන් අදියර දක්වාම ඇදී ගිය තරගයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් ඒකළ තරග අදියරේදී ශ්‍රී ලංකාවේ යසිත ද සිල්වා, පිලිපීනයේ ජිරාට් නවසිරිසොම්බෝන් හමුවේ තරග වට 2/0ක් (7-5/ 6-2) ලෙස පරාජයට පත්විය.
තරගාවලිය සඳහා ෂාමල් දිසානායක, ඇලෙක්ස් ෆෙයාබෑන්ක්, යසිත ද සිල්වා, සංක අතුකෝරළ හා දුමිඳු දිළුම් හා රොහාන් ද සිල්වා (ක්‍රීඩා නොකරන නායකයා) ක්‍රීඩා කළහ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd