www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
ඩයලොග් ශූරයින්ග් කුසලාන පාපන්දු තරගාවලියේ නාවික හමුදා කණ්ඩායම පරදා ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට ජාවාලේන් සමත් විය. ඒ තරගාවලියේ 16 වැනි සතියේ තරගයක් ලෙස ඊයේ (17) පැවති තරගයකදීය.
කොළඹ කොම්පඤ්ඤවීදිය සිටි පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ ආරම්භයේ පටන් ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථාවක් කිහිපයක්ම කණ්ඩායම් දෙකෙන්ම ගිලිහී ගියේය.
ඒ අනුව පළමු අර්ධය නිමාවූයේ කණ්ඩායම් දෙකම ගෝල ලබා ගැනීමට නොහැකිවය.
කෙසේ නමුත් දෙවැනි අර්ධයේ 71 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ජාවාලේන් ක්‍රීඩක පී.ජේ. චමින්ද ජයග්‍රාහී ගෝලය සිය කණ්ඩායම වෙත ලබා දීමට සමත් විය.
ජාවාලේන් මෙවර තරගාවලියේදී වාර්තා කළ සිව්වැනි ජයග්‍රහණය මෙය වේ. එමෙන්ම නාවික හමුදා කණ්ඩායම ලැබූ 9 වැනි තරග පරාජය මෙය වේ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd