www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී පසුගිය මස අවසන් වූ 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (10දා) රාත්රියේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ මෙම උත්සවයේදී ශ්‍රී ලංකාව දිනූ එකම රිදී පදක්කමේ හිමිකරුවා වූ ඉන්දික දිසානායක, ලෝකඩ පදක්කම් දිනූ හංසනී ගෝමස් හා චතුරංග ලක්මාල් සම්මානයට පාත්‍ර වූහ. මීට අමතරව බර ඉසිලීමේ ක්‍රීඩාව නියෝජනය කරමින් මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වූ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවෝද ඇගයිණි.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය මෙන්ම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා, බර ඉසිලීමේ සංගමයේ සභාපති නාලක හේවාමද්දුම හා ලේකම් අජිත් තමෙල් යන මහත්වරුන් ඇතුළු එම සංගමයේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd