ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී පසුගිය මස අවසන් වූ 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (10දා) රාත්රියේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ මෙම උත්සවයේදී ශ්‍රී ලංකාව දිනූ එකම රිදී පදක්කමේ හිමිකරුවා වූ ඉන්දික දිසානායක, ලෝකඩ පදක්කම් දිනූ හංසනී ගෝමස් හා චතුරංග ලක්මාල් සම්මානයට පාත්‍ර වූහ. මීට අමතරව බර ඉසිලීමේ ක්‍රීඩාව නියෝජනය කරමින් මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වූ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවෝද ඇගයිණි.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය මෙන්ම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා, බර ඉසිලීමේ සංගමයේ සභාපති නාලක හේවාමද්දුම හා ලේකම් අජිත් තමෙල් යන මහත්වරුන් ඇතුළු එම සංගමයේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd