කුසල්ගේ ද්විත්ව ශතක සිහිනය නැවතත් බොඳවේ
සිය ටෙස්ට් දිවිටේ පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්ට තිබූ අවස්ථාව නැවතත් ගිලිහී ගියේය. ඒ බංග්ලාදේශය සමග දැන් පැවැත්වෙන පළමුතරගයේ ලකුණූ 196 කට දැවී යාමත් සමගිනි. තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මුෂ්ෆිකර් රහීම් අතට උඩ පන්දුවක් ලබා දෙමින් කුසල් දැවී ගියේය. කුසල් මීට පෙරද බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පසුගිය වසරේ මාර්තු මාසයේදී පැවති පළමු තරගයේදී ද්විත්ව ශතකය අභියසදී දැවී ගියේ ලකුණු 194 කටය. කෙසේ වෙතත් අද කුසල් සිය දිිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කලේය.
තරගය තේ පානය සඳහා නතර කරන විට ශ්‍රී ලංකාව කඩුළු 3 ක් දැවී ලකුණූ 416 ක් ලබා සිටින අතර ශ්‍රී ලංකාව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 97 ක් පසුපසින් සිටියි.
දැවී ගිය ක්‍රීඩකයින්
දිමුත් කරුණාරත්න - 0
ධනංජය සිල්වා - 173
කුසල් මෙන්ඩිස් - 196
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


