ක්‍රීඩා ඇමතිගෙන් හතුරුට ඇමතුමක්
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (06දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා දුරකථනයෙන් අමතා ක්‍රිකට් ආයතනයේ ඇතිව පවතින ගැටලුකාරී ස්වභාවය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රියාකාරකම්වලට අදාළ කර නොගන්නා ලෙස පවසා තිබේ.
එහිදී කෙටි පිළිසඳරක යෙදුණ අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැනට ඇතිව ඇති පරිපාලන ගැටලු කිසිවිටෙක ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රියාකාරකම්වලට අදාළ කර නොගන්නා ලෙසත් තම පියාගේ වියෝවෙන් පසුව ක්‍රිකට් පිටියට එක්වන ධනංජය ද සිල්වා ගැන සැලකිල්ලක් දක්වන ලෙසත් හතුරුසිංහ මහතාට උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම මෙම තරගාවලිය සාර්ථක තරගාවලියක් බවට පත්කර ගන්නා ලෙසත් අමාත්‍යවරයා හතුරුසිංහ මහතා ඇතුළු කණ්ඩායමට සුබපැතුම් එක්කොට ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06දා) පස්වරුවේදී පෝර්ට් ඔෆ් ස්පේන් ක්වීන්ස් පාර්ක් ඕවල් පිටියේදී ආරම්භ වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


