ක්‍රිකට් නියෝජිතයෙකුගෙන් පාකිස්තානු මාධ්‍යවේදිනියකට අයුතු යෝජනා?
ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයෙකු තමාට අයුතු යෝජනා ගෙනඑමින් ‘වට්ස්ඇප්’ සමාජ මාධ්‍යය යොදාගෙන තමාව හිරිහැරයට ලක්කිරීමට (Harassed) තැත් කළා යැයි පාකිස්තානු ජනමාධ්‍යවේදිනියක වන මුනාසා ජිලානි සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් එක්කර තිබේ.
කෙසේ වෙතත් සිද්ධියට අදාළ නිලධාරියා කවුරුන්ද යන්න ඇය හෙළි කර නොමැති අතර, ඇය සහ අදාළ නිලධාරියා අතර වුණු ‘වට්ස්ඇප්’ කෙටි පණිවුඩ කිහිපයක්ද සිය ට්විටර් ගිණුමට එක් කර තිබේ.
ඇය ට්විටර් ගිණුමේ තැබූ සටහනේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් බලවත් සේ ලැජ්ජාවට පත්වූ බවයි. එමෙන්ම එම නිලධාරියා පිළිබඳවද ලැජ්ජාවට පත්වන බවත් ඇය සඳහන් කර සිටින්නීය.
මේ අතර ඩුබායි නුවර ආරංචි මාර්ග සඳහන් කර සිටියේ, පාකිස්තාන ජනමාධ්‍ය‘වේදිනියට අයුතු යෝජනා කළ පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් යැයි පිරිසක් චෝදනා කරන අතර, තවත් පිරිසක් එම නිලධාරියා ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදියෙකු (ශ්‍රී ලංකා ක්‍රිකට්) යැයි පවසති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



