එංගලන්තය පරදා කොදෙව්වන් ජය ගනිති
සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදා ලීඩ්ස් හිදී පැවති දෙවැනි තරගයෙන් කඩුළු 5 ක විශිෂ්ඨ ජයක් ලැබීමට බ.ඉ.කොදෙව් කණ්ඩායම සමත් විය.
සිව්වැනි ඉනිමේදී ලකුණු 322 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් සිය ඉලක්කය කඩුළු 5 ක් පමණක් දැවී රැස් කිරිමට සමත් විය.
දෙවැනි ඉනිම තුළදීද කොදෙව්වන්ගේ ගැලවුම්කරුවන් වූ ක්‍රේග් බ්රැත්වයිට් හා ෂායි හෝප් කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් විය.
තරගයේ කාසියේ වාසිය දිවනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සිය පළමු ඉනිමට ලකුණු 258 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් කොදෙව්වන් සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 427 කි.
කෙසේ වෙතත් ලකුණු 171 ක අවාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තය කඩුළු 8 කට ලකුණු 490 ක් ලබා සිටියදි ඉනිම අත්හිට වීය.
තරගයේ වීරයා වූයේ කොදෙව් ඉනිම් ද්විත්වය තුළදීම ශතක වාර්තා කළ ෂායි හෝප් ය.
දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන සැප්තැම්බර් 2 වැනිදා ලෙෂ්ටෂයර් හිදී පැවැත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

