ඉන්දු - පාකිස්තාන දරුවෙක්
ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මර්සා හා හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක ශොයිබ් මලික් සිය පළමු දරුවා බලාපොරොත්තුවෙන් පසුවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
සානියා මිර්සා සිය සමාජ මාධ්‍ය හරහා මේ බව ප්‍රකාශ කර ඇති අතර, මිරිසා මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් යුගල තරගාවලි හයක් ජයගෙන ඇති අතර, 2015 වසරේ විම්බල්ඩන් කාන්තා යුගල තරගය ජයගත්තේ ඇය හා මාටිනා හිගින්ස්ය.
දරු උපතින් පසුව තමන් නැවතත් ටෙනිස් පිටියට පැමිණෙන්නේදැයි ඇය මෙතෙක් ප්‍රකාශ කරන නොමැති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇය චීන විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසුව මේ දක්වා කිසිදු තරගාවලියකට ක්‍රීඩා කර නොමැති අතර, ඒ දණහිසි ආබාධයක් හේතුවෙනි.
මලික් මේ වන විටෙ36 වැනි වියේ පසුවන අතර, ඔහු පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 35කට ක්‍රීඩා කර ඇති අතර, එක්දින හා විස්සයි20 පිටියේ ඔහු තවමත් ක්‍රීඩා කරයි.
දකුණු ආසියාවේ සිටින ප්‍රධාන යුවළක් වශයෙන් ඔවුන් දෙදෙනා පිළිගැනේ.
බී.බී.සී. ඇසුරෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



