සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ධරම්සාලා හි පැවැත්වෙන පළමු තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 112කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් පන්දුවාර 10කදී ලකුණු 13 ට කඩුලු 4ක් දවාගත්තේය. ඊට අමතරව මැතිව්ස් 8/1, ණුවන් ප්‍රදීප් 37/2, තිසර පෙරේරා 29/1, අකිල ධනන්ජය 7/1, සචිත් පතිරණ 16/1ක් ලෙස පන්දුවෙන් දක්ෂතා දැක්වූහ.
ඉන්දීය ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ මහේන්ද්‍ර සිං දෝනි පන්දු 87කදී ලකුණු 65ක් රැස්කළේය. එයට හතරේ පහර 10ක් හා හයේ පහර දෙකක් ඇතුළත් විය. 29/7ක් ෙලස එක් අවස්ථාවක පැවැති ඉන්දීය ඉනිම 112ක් දක්වා රැගෙන යෑමට දෝනි එක් අන්තයකින් විශිෂ්ඨ පිතිහරඹයක නිරත විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා මුලින්ම පන්දු යැවීමට තීරණය කළේය. ඉන්දීය කණ්ඩායමේ දෝනි හැරෙන්නට සෙසු කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යා නොහැකි විය.