ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින විස්සයි 20 සංචිත නම් කෙරේ
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින හා විස්සයි 20 තරග සංචිත ඊයේ (15දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට කලකට පසුව මිලින්ද සිරිවර්ධනට අවස්ථාව හිමිවී ඇති අතර, මෙතෙක් එක්දින හෝ විස්සයි 20 තරග ක්‍රීඩා කර නොමැති මාලින්ද පුෂ්පකුමාරටද සංචිතයේ අවස්ථාවක් හිමිව තිබේ.
කණ්ඩායමේ නායකත්වය උපුල් තරංග විසින් දරනු ලබන අතර, ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට සංචිතයේ ස්ථානයක් හිමි නොවීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා - ඉන්දියා පළමු එක්දින තරගය මෙම මස 20 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතය.
විස්සයි 20 සංචිතය
උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, මාලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, තිසර පෙරේරා, වනිදු හසරංග, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

