ඉන්දියාවට ඉනිමක හා ලකුණු 239ක ජයක්
ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර නාග්පූර්හි පැවැති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 239කින් ජයග්‍රහණය කිරීමට ඉන්දිය කණ්ඩායම සඳුදා (නොවැම්බර් 27දා) සමත්විය. ඒ අනුව ඔවුන් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය. මෙම තරගයේදී ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක ආර් අශ්වින් ලෝකයේ ටෙස්ට් කඩුලු 300 වේගයෙන්ම දවගාත් ක්‍රීඩකයා බවට වාර්තා අතරටත් එක්විය.
අශ්වින් මෙම කඩයිම තරග 54කින් පසුකළ අතර ඊට පෙර වාර්තාවට හිමිකම් කී ඩෙනිල් ලීලි තරග 56කින් මෙම කඩයිම පසුකර තිබුණි. දෙවැනි ඉනිමේදී අශ්වින් කඩුලු 4ක් දවාගත් අතර ඒ අනුව ඔහු මේ වසරේ ලබාගත් ටෙස්ට් කඩුලු 50ද පසුකර ගියේය. උමේෂ් යාදව්, රවීන්ද්‍ර ජඩේජා හා ඉෂාන්ත් ශර්මා කඩුලු දෙක බැගින් දවාගත්හ.
ඔවුන්ගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවා 49.3කදී ලකුණු 166කට දැවී ගියේය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ඉතිහාසයේ ලබාගත් දැවැන්තම තරග පරාජය වෙන අතර ඉන්දීය කණ්ඩායම ලබාත් සම දැවැන්තම ජයග්‍රහණය වෙයි.
.
ශ්‍රී ලංකා පළමු ඉනිම 205/10
ඉන්දියාව දෙවැනි ඉනිම 610/6
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 166/10
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

