ADA
www.ada.lk
2026 මාර්තු මස 31 වන අඟහරුවාදා
ජාතික කණිෂ්ඨ ශූරතා කඩු හරඹ (ෆෙන්සින්) තරගාවලියේ වයස 19 න් පහළ අංශයේ බාලක මිශ්‍ර කණ්ඩායම් ශූරතාව දිනා ගැනිමට ගල්කිස්ස ශා.තෝමස් කණ්ඩායම සමත්විය. මෙම තරගාවලිය කොළඹ රාජකීය විදුහල් මාස් ඇරීනා බොක්සිං ක්රීඩාගාරයේදී නිමාවට පත්විය. එහි රිදී පදක්කම කොළඹ රාජකීය විදුහල් 'ඒ' කණ්ඩායම විසින් දිනා ගන්නාන ලදී. මෙහි ලෝකඩ පදක්කම ගලිකිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල හා මහවත්ත මහ විදුහල් 'ඒ' කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. මෙහි 19 න් පහළ බාලිකා අංශයේ රන් පදක්කම මොරටුව වේල්ස් කුමරි විදුහල විසින් දිනා ගන්නා ලද අතර මහනුවර මහවත්ත මහා විදුහල් කණ්ඩායම විසින් එහි රිදී පදක්කම දිනා ගත්තතේය. සාරානාත් විදුහල් කණ්ඩායම විසින් මෙහි ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී. මෙම තරගාවලිය 19 න් පහල හා 15 න් පහළ ලෙස වයස් කාණ්ඩ 2 ක් යටතේ පැවැත්විණි. එමෙන්ම තරගාවලියේ තරග අංශ 3 ක් (Saber, Foil, Epee) ලෙස කොටස් 3 ක් යටතේ පැවැත්විණි.
කණිෂ්ඨ අංශයේ තරග අවස්ථා කිහිපයක්
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
RMV ලොක්කා අත්අඩංගුවට
බ්‍රහස්පතින්දා නැව් හයකට හෝමූස් හරහා යන්න දෙයි
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
පැය කිහිපයක් තුළ කුවේටයේ දෙවැනි වරායටත් මිසයිල ප්‍රහාරයක්
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd